දරුවන් තිදෙනෙක් දියේ ගිලී මරු දකී! වාකරේ ඛේදවාචකය

මඩකලපුව,වාකරේ කරුඅප්පන්කර්නි වැවේ ගිලී ළමුන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද දහවල් සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 10ත් 11ත් වයස් කාණ්ඩවල පසු වන ගැහැණු ළමුන් දෙදෙනෙකු සහ එක් පිරිමි දරුවකු බව සඳහන් වේ.

දියේ ගිලිණු දරුවන් තිදෙනාගේ මළසිරුරු මේ වන විට සොයා ගෙන ඇති අතර වාකරේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. පී. එච්. සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.