
බංග්ලාදේශයට එරෙහිව පැවති අවසන් තරගයේදී, ශ්‍රී ලංකා පිල ලැබූ අනපේක්ෂිත පරාජයට ප්‍රධාන වශයෙන් වගකිවයුත්තේ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය බවට එම තරගයේ වැඩිම ලකුණු ලාභියා වූ ජනිත් ලියනගේ පවසනවා.
අපි හොඳ ආරම්භයක් ගත්තා! ඒත් පන්දුව දඟකැවෙන්න ගැනීමත් එක්ක ඔවුන් තරගයට අවතීර්ණ වුණා. අපි පස්සට ගියේ කුසල්ගේ දැවීයාමත් එක්ක.
ඔහු කියා සිටියේය.
අංක 06 පිතිකරුවා ලෙස පිටියට පිවිසි ජනිත් ලියනගේ පන්දු 85කදී ලකුණු 78ක් රැස්කරන්නට සමත් වුණා. එසේම, ඔහු කඩුලු දෙකක් ඉතිරිව තිබියදී අවසන් පන්දු 17 තුළ ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 21ක් දක්වා අඩු කරන්නටත් සමත් වුණා. දුෂ්මන්ත චමීර සමග එක්ව ඔහු නවවන කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 58ක සම්බන්ධතාවය ඇත්තෙන්ම විශිෂ්ඨයි.
“අපි කුඩා වැරදි කිහිපයක් කළා, ඒවා හේතුවෙන් තරගය පරාජය වුණා”
ඔහු වැඩිදුරටත් කියා සිටී.
“ඇත්තෙන්ම වැරැද්ද කරේ මමයි”
තම අනපේක්ෂිත දැවීයෑම පිළිබඳව කණස්සලු වෙමින් ඔහු කියා සිටිනවා. තමා යම්හෙයකින් නොදැවී සිටියා නම් තරගය ජයග්‍රහණය කරන්නට ඉඩ තිබුණු බව ඔහුගේ විශ්වාසයයි.
ඔහු විසින් සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහත වීඩියෝවෙන් නරඹන්න..