
මවක් සහ දියණියක් රෝහල්ගත කරමින් අද අලුයම සිදුවූ වෙඩිතැබීම ගැන මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
පොලිසිය පවසන ආකාරයට මෙම වෙඩිතැබීම සිදුව තිබෙන්නේ අද (06) අලුයම 2.00ට පමණ.
ඒ කොස්ගම පොලිස් වසමේ බොරලුගොඩ පාලම් තරාදිය ප්රදේශයේදීයි.
වෙඩි ප්රහාරයට ලක්වන විට YE-4359 දරණ අදාල ත්රීරෝද රථය ගමන් කරමින් සිට ඇත්තේ හංවැල්ලේ සිට අවිස්සාවේල්ල දෙසටයි.
රථයේ රියදුරු සහ පිටුපස ගමන් කළ මව හා දියණිය සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් ආපසු නිවස කරා යමින් සිට ඇති බව වාර්තා වනවා.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් වෙඩිතබා ඇත්තේ අදාල ත්රීරෝද රථය පැදවූ කඳනාඅරච්චිගේ ශ්රියන්ත කුමාර නොහොත් “කොටහැර පොඩ්ඩා” නම් 44 හැවිරිදි පුද්ගලයා ඉලක්ක කරගනිමින් බවයි පොලිසිය පවසන්නේ.
මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවත්, පාතාල කල්ලි දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්රතිඵලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුව ඇති බවත් මේ වනවිට පොලිසිය විසින් අනාවරණය කොට ගෙන තිබෙනවා.
වෙඩිතැබීමෙන් තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල නොවන අතර වෙඩික්කරුවන් හඳුනා ගැනීම සඳහා විශේෂ විමර්ශණයක් ක්රියාත්මකයි.