
ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 43 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටිනවා.
මීට ළමුන් 15 දෙනෙකුද ඇතුළත් වන අතර තවත් ළමයින් 27 දෙනෙකු තවමත් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.
ආපදාවට පත්වූවන් මුදාගැනීම සහ අනෙකුත් සහන සේවා සඳහා උපරිම සහාය ලබාදෙන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ කියා සිටියා.
ගලවාගැනීමේ කණ්ඩායම් වලට තවත් 850 දෙනෙකු පමණ මේ වනවිට මුදාගැනීමට හැකිව තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටියා.
සහන කණ්ඩායම් යොදවමින් තවදුරටත් මෙහෙයුම් සිදුකෙරෙමින් පවටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටිනවා.