
පිඹුරන් තිදෙනෙකු නීතිවිරෝධීව රටින් පිටතට රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු තායිලන්ත ගුවන්තොටුපොළකදී අත්අඩංගුවට ගෙන අති බව වාර්තා වේ.
තායිලන්ත වනජීවී අපරාධ බුද්ධි මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පොලාවී බුචකියට් පැවසුවේ නිලධාරීන්ට බුද්ධි තොරතුරු ලැබුණු බවත්, මෙම සැකකරුවෙකු තායි එයාර්වේස් ගුවන් යානයෙන් TG308 බැංකොක් වෙත අලුයම 12.06 ට පැමිණි බවයි.
තායිලන්ත බලධාරීන් සැකකරු සම්බන්ධව සිදුකර ඇති විමර්ශනයේදී සැකකරු සත්ත්ව ජාවාරම් සම්බන්ධව ඉතිහාසයක් ඇති තැනැත්තෙකු බවද අනාවරණය වී ඇතැයි ද සඳහන් වේ.
සැකකරු විසින් නීතිවිරෝධීව ජාත්‍යන්තරව සතුන් ප්‍රවාහනය කිරීමට උත්සාහ කිරීමේදී හමුවූ පළමු අවස්ථාව මෙය නොවන බවත් තායිලන්ත මාධ්‍ය වාර්තා කර ඇති අතර ඔහු සම්බන්ධව එරට බලධාරීන් සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පසුගිය වසරේ කොළඹදී ද මේ සම්බන්ධව නඩුවකට අදාළව සැකකරු අත්අඩංගුවට පත්ව ඇති බවයි.
ඔහුගේ හැසිරීම පිළිබඳව මතු වූ සැකයක් නිසා මෙම පුද්ගලයා පරික්ෂා කර ඇති අතර,එහිදී ඔහු සිය යට ඇඳුම්වල සඟවා රැගෙන යාමට තැත් කළ Python regius වර්ගයට අයත් පිඹුරන් තිදෙනෙක් සොයාගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.
මෙම සර්ප විශේෂය නිල අවසර පත්‍රයක් නොමැතිව අපනයනය කිරීම හෝ ආනයනය කිරීම තායිලන්ත රජය විසින් තහනම් කර ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම පුද්ගලයා අවසරයකින් තොරව සතුන් අපනයනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ හා ආරක්ෂණ පනතේ 23 වන වගන්තිය සහ රේගුව හරහා නිෂ්කාශනය නොකළ භාණ්ඩ අපනයනය කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් රේගු පනතේ 242, 166 සහ 252 වගන්ති උල්ලංඝනය කර ඇති බවත් එයට අදාළව ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවයි එරට ආරක්ෂක අංශ වැඩිදුරටත් සඳහන්කර සිටී.