ගෝල්ෆේස් අනවසර කඩ කඩයි – වෙළෙඳුන්ගෙන් විරෝධය

කොළඹ, ගාලුමුවදොර පිහිටි අනවසර වෙළෙඳසැල් ඉවත් කිරීමට ලද නියෝගයක් සමගින් ඊයේ (04) පස්වරුවේ වරාය කළමනාකරණ උපදේශ සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් පැමිණීමත් සමග එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

එම ස්ථානයට එම නිලධාරීන් පැමිණියේ පොලිස් නිලධාරීන් ද සමගින්.

ඒ අවස්ථාවේ එම ප්‍රදේශයේ කලක පටන් වෙළෙඳාමේ නිරතවන පිරිස් විසින් නිලධාරීන් වෙත තම විරෝධය පළ කළා.

වෙළෙඳුන් කියාසිටියේ කාලයක පටන් තමන් මෙම ස්ථානයේ වෙළෙඳාම් සිදුකරනු ලබන නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහතික ලබා ගැනීමට අවශ්‍ය බව පවසා තමන්ව මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට සැරසෙන බවයි.

කෙසේ වෙතත් ඇතිවූ තත්ත්වය මත වරාය කළමනාකරණ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් කියාසිටියේ එළඹෙන ඉරිදා එනම් හෙට දින දක්වා වෙළෙඳාම් කිරීමට වෙළෙඳුන්ට අවසර ලබා දෙන බවයි.

එම අවස්ථාවේ ඇතිවූ උණුසුම්කාරී තත්වයේ වීඩියෝව පහතින් නරඹන්න.