
කුප්‍රකට මහබැංකු බැඳුම්කර වංචාවට ඈඳුණු පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට, ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස ව්‍යාපාර කටයුතු සහ මූල්‍ය ක්‍රියාකාරකම් වල නිරතවීම තවදුරටත් තහනම් කරමින් තවත් මාස හයක කාලයක් සඳහා අත්හිටුවීම දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.
ලියාපදිංචි කොටස් හා සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසිවලට අනුවයි මෙම පියවර ගෙන තිබෙන්නේ.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ කටයුතු දීර්ඝ කාලයක් තිස්සේ තහනම් කර තිබූ අතර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පවත්වනු ලබන, බැඳුම්කර වංචාව සම්බන්ධ විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකිරීම සඳහා මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.