චාමික සහ දසුන් යළිත් ජාතික සංචිතයට!

දිගු කලකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක සහ තුන් ඉරියවු ක්‍රීඩක චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් ජාතික සංචිතයට නැවත කැඳවා තිබෙනවා.

ඒ බංග්ලාදේශයට එරෙහි ඉදිරි T20 තරගාවලිය සඳහායි.

2026 වසරේ පැවැත්වීමට නියමිත ICC පිරිමි T20 ලෝක කුසලානය කෙරෙහි අවධානය යොමු කරමින් තේරීම් කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තරග තුනකින් සමන්විත බංග්ලාදේශයට එරෙහි T20 තරග මාලාව ලබන සතියේ ආරම්භ වීමට නියමිතයි.