රිමාන්ඩ් වූ ජ’පුර වෛද්‍යවරිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් එළියට!

පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරියක ලෙස සේවය කළ මහේෂි සුරසිංහ විජේරත්න විසින් ගෙවුණු වසර කිහිපය තුළදී ඇය භාරව සිටි වාට්ටුවේ ප්‍රතිකාර ලබාගැනීමට ඇතුළත්වූ ඇතැම් රෝගීන් හට ශල්‍යකර්ම 07ක් 08ක් පමණ සිදුකර ඇති බවත්, එසේ ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් අතරින් 70%ක් පමණ මියගොස් ඇති බවත් අනාවරණය වී තිබෙනවා.

මෙම ආන්දෝලනාත්මක කරුණ අනාවරණය වුණේ සැකකාර වෛද්‍යවරියට ඇප ඉල්ලා ගොනු කළ මෝසමක් අනුව එම නඩුව ඊයේ (04දා) දින කැඳවූ අවස්ථාවේදීයි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේදී මෙම පුවත අනාවරණය කොට සිටියා.

එසේම, ඇය පිළිබඳව සිදුවන විමර්ශන අතරතුර තවත් වෛද්‍ය ආයතන දෙකක් හා වෛද්‍යවරුන් කිහිපදෙනකු සම්බන්ධයෙන්ද වැඩිදුර තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පැවසෙනවා.

මෙම වෛද්‍යවරිය අත් අඩංගුවට ගෙන ඇත්තේ ස්නායු ශල්‍යකර්ම සඳහා අවශ්‍ය EUC සහ SHUNT යන ආයිත්තම් රෝහලේ වාර්ෂික මිලදී ගැනීමේ ලේඛනයට ඇතුළත් නොකර, තමන් යටතේ පාලනය වන ආයතනයක් හරහා එම උපකරණ ලබාගැනීම සහ එමගින් රෝහලට පාඩුවක් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේයි.