ආණ්ඩුවෙන් පරිස්සම්වෙන්න! නාමල්ගෙන් රාජ්‍ය සේවකයින්ට රතු එළියක් (VIDEO)

රජය විසින් රාජ්‍ය සේවකයාව තම උවමනා එපාකම් වෙනුවෙන් කඩේ යවන බවත්, එහි අනිසි ප්‍රතිඵල ඉදිරි කාලයේදී රාජ්‍ය සේවකයින්ට විඳීමට සිදුවනු ඇති බවටත් හිටපු ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියයි.

අද දින මාධ්‍ය ඉදිරියේ සිදුකළ ප්‍රකාශයක් අතරතුර, මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු සපයමින් ඔහු මෙම අදහස් පළ කොට සිටියේය.

“පරිස්සම්වෙන්න! ආණ්ඩුව ඔබ රකින්නේ නෑ”

හිටපු ජනපති පුත්‍රයාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.