රටපුරා ප්‍රදේශ රැසකින් නාඳුනන මළසිරුරු හමුවෙයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් නාඳුනන මළ සිරුරු කිහිපයක් හමු වූ බව පොලිසිය පවසා සිටී.

මන්නාරම පොලිස් වසමේ ඔලුතුඩුවාව මුහුදු වෙරළේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන ඇත.

පොලිසිය ප්‍රකාශ කළේ එම මෘත ශරීරය හඳුනාගැනීමට නොහැකි තත්ත්වයේ පවතින බවයි.

එමෙන්ම බගවන්තලාව පොලිස් වසමේ කොටියාගල ප්‍රදේශයේ තේ වත්තක තිබී එක් පිරිමි පුද්ගලයෙකුගේ මෘතශරීරයක් හමු වී ඇති අතර ඔහු වයස අවුරුදු 73ක පමණ පුද්ගලයෙක් වන බව සඳහන් වේ.

අදාළ පුද්ගලයා කළුපාට කබායක් සහ රතු පාට ඉරි සහිත සරමක් හැඳ සිට ඇති බව සඳහන්වේ.

එමෙන්ම තවත් එක් නාදුනන මළ සිරුරක් ගල්කිස්ස වෙරළ තීරයේ තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. . එම මළ සිරුර සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.