තවත් හිටපු ඇමති ප්‍රබලයෙක් ළඟදීම ඇතුළට!

බස්නාහිර පළාතේ හිටපු ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් විමර්ශන ආරම්භ කර තිබෙන බවට පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කරයි.

ඒ, නීතිවිරෝධී අන්දමින් එකළස් කරන ලද රුපියල් කෝටි 12කට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී ජීප් රථ 06ක් ව්‍යාජ ලෙස ලියාපදිංචි කර විකිණූ බව කියන සිදුවීමක් සම්බන්ධය්නි.

මෙම මහාපරිමාණ ජාවාරමට සම්බන්ධ බව කියන හිටපු ඇමැතිවරයාගේ සමීපතමයන් කිහිපදෙනකු ඉදිරි දින කීපයේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බවද එකී පුවත් මූලාශ්‍රය වැඩිදුරටත් කියා සිටී.

එසේමම් වාර්තා වන අන්දමට මෙම නීතිවිරෝධී ජීප් රථ ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ බව කියන මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රබලයන් කිහිපදෙනෙකු ද අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේ.

මෙම හිටපු ඇමැතිවරයා විසින් අලෙවි කළ ව්‍යාජ වෑන් රථයක් සහ ජීප් රථයක් සමග ඔහුගේ සමීපතම ගෝලයෙකු, වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් පසුගියදා අත්අඩංගුවට ගන්නා ලද අතර, හිටපු ඇමතිවරයා ඇතුළු ඔහුගේ සමීපතමයන් මෙම වාහන ජාවාරමට සම්බන්ධ බවට හෙළිව ඇත්තේ සිදු රරන ලද ප්‍රශ්න කිරීම්වලදී බවද වාර්තා වේ.

එසේම මෙම ව්‍යාජ ලෙස සකස් කර විකිණූ ජීප් රථ 06 සන්තකයේ ඇති පුද්ගලයන් ද මේ වනවිට වලාන දූෂණ මර්දන ඒකකය විසින් සොයාගෙන ඇති අතර, ඒවා ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිතය.

මෙම හිටපු අමාත්‍යවරයා, අමාත්‍යධුරය දරන සමයේ දේශපාලන බලය යොදාගෙන ජීප් රථ අමතර කොටස් හොර රහසේ ගෙන්වා ඒවා එකලස් කර නීතිවිරෝධි ලෙස ලියාපදිංචි කර පසුව විකුණා ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.