
අණ නොතකා ධාවනයකළ යතුරුපැදියකට පොලීසිය විසින් අද (3) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබේ.
මීගමුව දුන්ගල්පිටිය ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධයකයේදී අදාළ යතුරුපැදිය අණ නොතකා ධාවනය කර ඇති බව පොලිසිය පවසා සිටියේය.
මෙම වෙඩි තැබීම පලා යාමට තැත් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඉලක්ක කර, පොලිසිය කළ වෙඩි තැබීමක් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටී.
මෙම පොලිස් වෙඩිතැබීමෙන් යතුරුපැදියේ සිටි එක් අයෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව සඳහන්වේ.