
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලබා සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන අධි චෝදනා පත්‍රය පවත්වාගෙන යාමට නොහැකි යැයි විත්තිය විසින් මතු කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශාංක මහතා විසින් අද දින ප්‍රතික්ෂේප කරන ලදී.
ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන චෝදනා මහාධිකරණය හමුවේ විභාග කළ හැකි බවට එකී මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා සඳහන් කර සිටියේය.
එමෙන්ම එම අධි චෝදනා ඉදිරිපත් කිරීමේදී කාර්ය පටිපාටියේ දෝෂයක් සිදුවී නොමැති බවද විනිසුරුවරයා සිය නියෝගයේ සඳහන් කරන ලදී.
මෙම නඩුව අගෝස්තු මස 05 වනදා විභාගයට ගැනීමට නියමිතය.
දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ හරක් කටා අද දින අධිකරණයට රැගෙන ආ වීඩියෝව පහතින් නරඹන්න.