
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල තුන් ඉරියවු ක්‍රීඩකයෙක්ව සිටි කුමාර් ධර්මසේන සතු පින්තැන්න ප්ලාන්ටේෂන් ආයතනයට පිරමීඩ ජාවාරම සහ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනාවක් එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් කරුණු ප්‍රසිද්ධ කරමින් “සිවිල් බුද්ධි පෙරමුණ” නම් සංවිධානයේ විධායක සභිකයෙකු බව කියන හර්ශණ රුක්ශාන් නැමැත්තා විසින් ඊයේ දින මාධ්‍ය හමුවක් පවත්වා තිබිණි.
එහිදී ඔහු කියා සිටියේ ක්‍රීඩක කුමා ධර්මසේන විසින් පවත්වාගෙන යනු ලබන පින්තැන්න ප්ලාන්ටේෂන් නම් ආයතනය විසින් ඊට ආයෝජනය කරනු ලබන පුද්ගලයින් සඳහා ලබාදෙන බව කියන අධික ලාභාංශය අතිශයින්ම සැක සහිත බවයි.
සිය සැකය පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිළි කරමින් ඔහු සඳහන් කොට සිටින්නේ, අදාල ආයතනය විසින් ලාභාංශ ලබාදෙන අගාවුඩ් නම් ශාඛය වැඩී අවසන් වන්නට වසර හතක – අටක පමණ කාලයක් ගතවන බවයි. එහෙත්, මෙම වගාව සඳහා මුදල් ආයෝජනය කරන පුද්ගලයින් හට වසර තුනක් වැනි කෙටි කාලයකදී ලාභාංශ ලබා දෙන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කොට සිටී.
අදාල මාධ්‍ය හමුව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.