බස් ගාස්තුව තව අඩුකරන්න තිබුණා! නලින්ද හිරවෙයි – ඇත්ත පිළිගනී (VIDEO)

අද දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී තෙල් මිල සහ බස් ගාස්තුව සම්බන්ධයෙන්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගේ බරපතල ප්‍රශ්න කිරීමට ලක් විය.

ඉතිහාසයේ කිසිදා සිදු නොවූ අයුරින් ශත ගණන් වලින් බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් මෙහිදී ප්‍රබල විවේචනයක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමේදී අමාත්‍යවරයාද අසරණ වූ ස්වරූපයක් දක්නට ලැබිණි.

“අඩු කළා මදි තමයි. තව අඩු කරන්න තිබුණා”

අවසානයේ ඇමතිවරයාද කියා සිටියේය.

එම ප්‍රකාශය ඇතුළත් සම්පූර්ණ වීඩියෝව පහතින්.