අද සිට බස් ගාස්තු අඩුවෙන්නේ මෙහෙමයි! ගාස්තු සටහන මෙන්න

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පවසා සිටී.

කෙසේ වෙතත් අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එළැඹෙන ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක බවද එම කොමිෂන් සභාව සිය නිවේදනයේ සඳහන් කර තිබේ.

අදාළ ගාස්තු සංශෝධන සටහන පහතින්