කහවත්තේ වෙඩිතැබීමක් – තරුණයෙක් මරුට!

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ඝාතනයට ලක්වු තරුණයා කහවත්ත බුංගිරිය ප්‍රාදේශයේ පදිංචි ඉමන්ත සුරන්ජන නම් අයෙකු බව පොලිසිය පවසා සිටී.

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබේ.

පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බව අනාවරණය වී තිබේ.

වෙඩි වැදුණු අනෙක් තරුණයා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඔහුගේ පාදයකට වෙඩි වැදී ඇති බවත් පොලිසිය සඳහන් කර සිටී.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.