පෙට්‍රල් නිකන් දුන්නත් ගාස්තු අඩු කරන්නේ නෑ! ත්‍රීවීල් සභාපති දාපු සද්දේ (VIDEO)

ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන නොමිලේ ලබාදුන්නත්, ගාස්තු අඩු කිරීමක් කිසිවිටෙකත් සිදු නොකරන බවට සමස්ත ලංකා ත්‍රීරෝදරථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද දින මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කරමිනි.

රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” ව්‍යාපෘතිය යටතේ සිදුකෙරුණු ත්‍රීරෝද රථ වල අනවශ්‍ය කොටස් ගැලවීමේ වැඩපිළිවෙල යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී අදහස් දැක්වීය.

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඒ මහතා කියා සිටියේ එය අනිවාර්යයෙන් සිදු විය යුත්තක් බවත්, එහෙත් එක කාර්යය නිසි නීති පටිපාටියක් යටතේ සිදු විය යුත්තක් වන බවත්ය.

එසේම, ත්‍රීරෝද රථ සඳහා සම්මත මීටර් ගාස්තුව වෙනස් නොකළ යුතු බවද පවසා සිටි ඔහු, මෙම සමස්ත කර්මාන්තයම යම් නියාමනයකට ලක් කළ යුතුව පවතින බව අවධාරණය කොට සිටියේය.

ඔහුගේ ප්‍රකාශය ඇතුළත් සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.