තාත්තා කෙඳිරිගෑවේ නෑ! නාමල් පුතාගෙන් X එකක්!

තම බිරිඳ වන ශිරන්ති රාජපක්ෂව අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර වෙත කියා සිටින්නැයි මහා සංඝරත්නයෙන් ඉල්ලමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් කරන ලද බවට පැවසෙන ප්‍රකාශය සාවද්‍ය එකක් බවට පුවතක් පැතිර යමින් පවතිනවා.

මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක ස්වාමීන් වහන්සේ වෙතින් කරන ලද බවට පැවසුණු මෙම ඉල්ලීම සම්බන්ධයෙන් වූ පුවත ඉකුත් දින කිහිපය පුරා සමාජ මාධ්‍යයන්හි මහත් ආන්දෝලනයක් ඇති කළා.

එහෙත් මේ වන විට වාර්තා වන්නේ එම පුවත සාවද්‍ය සහ පදනම් විරහිත එකක් බවයි.

මහානායක හිමිපාණන් වහන්සේගේ උපදෙස් හා නියමයන් මත, මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මල්වතු මහා විහාරයේ උපලේඛකාධිකාරී මහවෙල රතනපාල ස්ථවිරයන් අනුදැන වදාරා ඇත්තේ, එවැනි හමුවක් හෝ දුරකථන සංවාදයක් කිසිවිටෙක සිදුව නොමැති බවයි.

මෙවැනි අසත්‍ය සහ සාවද්‍ය පුවත් හරහා අනවශ්‍ය ජන කැළඹීමක් ඇතිකිරීමට උත්සාහ දරන පුද්ගලයින් හා සංවිධාන සම්බන්ධයෙන් ඉදිරියේදී නෛතික ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවටද එම නිවේදනයේ සඳහන් වන බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත්, මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිකුත් කළ බවට සඳහන් වන නිවේදනය සම්බන්ධයෙන් වූ කිසිදු ලිඛිත සාක්ෂියක් මෙතෙක් මාධ්යයට නිකුත්ව නැහැ.

මේ අතර, හිටපු ජනපති පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද ප්‍රශ්නගත පුවත ප්‍රතික්ෂේප කොට තිබෙනවා. ඔහු මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කොට තිබෙන්නේ සිය X ගිණුම හරහායි. රාජපක්ෂ පුත්‍රයාගේ ප්‍රකාශය ඇතුළත් X සටහනේ සිංහල පරිවර්තනය පහතින්.