වසන්ත සමරසිංහ අත්අඩංගුවට? ගම්මන්පිලගෙන් වීඩියෝවක්!

වෘත්තීය සමිතියකට අයත් දේපලක් වංචනික ලෙස අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වත්මන් රජයේ කැබිනට් අමාත්‍ය සහ දූෂණ විරෝධී පෙරමුණේ නායක වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල යුතු බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

ඔහු පවසන ආකාරයට, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සහ කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල් යන දෙදෙනාද පාර්ශ්වකරුවන් වන මෙම ආන්දෝලනාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් ගල්කිස්ස උසාවියේ මේ වන විටත් නඩුවක් පවරා තිබේ.

එකී නඩුවට අදාලව වසන්ත සමරසිංහ මෙසේ අත්අඩංගුවට ගත යුතු වුවද මේ දක්වා එය සිදු කිරීමට පොලිසිය අපොහොසත් වී ඇතැයි හිටපු අමාත්‍යවරයා චෝදනා නගයි.

මේ සම්බන්ධයෙන් වන සවිස්තර සිද්ධිය ඇතුලත් වැඩසටහනක් සිය යූටියුබ් නාලිකාව හරහා ජනගත කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කොට තිබේ.