
ජුලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වනපරිදි බස් රථවල රියදුරන් ආරක්ෂිත ආසන පටි පැළඳීම අනිවාර්යය බව ජාතික ගමනාගමන කොමිසම පවසා සිටී.
එසේ නොකරන රියදුරන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවඑහි සභාපති ඉංජිනේරු පී.ඒ. චන්ද්‍රපාල මහතා සඳහන් කළේය.
වාහන රියදුරන් ආරක්ෂිත බඳ පටි පැළඳීමේ නීතිය මෝටර් රථ පනතේ ප්‍රතිපාදන අනුව 2011 ඔක්තෝබර් මස 01 දින සිට ක්‍රියාත්මකය.
ගැසට් නිවේදනයක් මගින් එම නීතිය ප්‍රකාශයට පත්කෙරුණ ද බොහෝ රියදුරන් ආරක්ෂිත බඳ පටි නොපැළඳීම හමුවේ සිදුවී ඇත්තේ දිනෙන් දින රිය අනතුරු ඉහළයෑමකි.මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම නීතිය ජුලි පළමු වැනිදා සිට අනිවාර්ය කිරීමට ජාතික ගමනාගමන කොමිසම පියවර ගෙන තිබේ.