යාපනේ ජනපති මැදුරට අයිතිකාරයෝ අටක්!

යාපනය ජනාධිපති මන්දිරයේ ඉඩමට අයිතිකරුවන් අට දෙනෙකු ඉදිරිපත්වීම හේතුවෙන් එම මන්දිරය ආයෝජකයකුට ලබාදීමට ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.

යාපනයේ ජනාධිපති මන්දිරය ඉදිකර ඇත්තේ යාපනයේ ජනතාවගේ ඉඩම් අනවසරයෙන් අත්පත් කර ගැනීමෙන් බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය කළ විමර්ශනයකදී තොරතුරු හෙළි වී තිබේ.

යාපනයේ ජනාධිපති මන්දිරය විවිධ ආයෝජන සඳහා ලබා ගැනීමට කැනඩාවේ ආයෝජකයෙකු ඇතුළු පිරිසක් දැනටමත් ඉදිරිපත්ව සිටිති.

මෙම මන්දිරය ආයෝජකයෙකුට ලබා දීමට පෙර ඉඩමේ අවුල් සියල්ල නිරවුල් කරගත යුතු බවත්, ඒ සඳහා මේ දිනවල කටයුතු කරගෙන යන බවත් න ාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා සඳහන් කර සිටී.

2010 – 2015 අතර කාලසීමාවේදී ඉදි කර ඇති යාපනය ජනාධිපති මන්දිරය පිහිටා ඇත්තේ කන්කසන්තුරේ ප්‍රදේශයේ අක්කර තිහක පමණ භූමි භාගයක වන අතර එම ඉඩමේ අක්කර පහළොවක් පුරා ගොඩනැගිලි ඉදිකර තිබේ.