සූදුරු දාපු හූනූ බිත්තර

ඉස්සරම කාලෙක..
මට මතක විදියට ..
එච්චර පොඩිත් නැ..ලොකුත් නැ..
නංගියි මායි හරි හරියට සෙල්ලම් කරන කාලෙ…

පහ හමාර පහු වෙනකොට..
පිළිරැව් දෙනවා දෙසවන් පුරා ඒ සද්දෙ…
අප්පච්චිගෙ චැලියෙ…

ටිකිරි මාරි පැකට් එකයි..
සූදුර දාපු හූනු බිත්තර පැකට් දෙකයි
නංගිටයි…මටයි..

පස්සෙන් පහු..
හෙන්දිරික්කා පිපෙන ⁣යාමෙට..
වෙනදා වගේම
ටිකිරි මාරි පැකට් එකයි..
සූදුරු දාපු හූනූ බිත්තර පැකට් තුනයි…
නංගිටයි..මටයි…අම්මටයි…

පහලොව දහසයෙන්..
විසි ගණන් ඉලක්කම් මාරු වෙද්දි වත්
ටිකිරි මාරි පැකට් එකයි…
සූදුරු දාපු හූනූ බිත්තර පැකට් තුනයි….

බලන් උන්නා..
ඒක හතර වෙනකල්..
ඒත් තාමත් ..
සූදුරු දාපු හූනූ බිත්තර පැකට් තුනයි….

ඇයි අප්පච්චි ..
සූදුරු දාපු හූනූ බිත්තර ..
රස නැද්ද…?

පූජා නෙත්මිණී හේරත්