
රජයට වතු කම්කරු වැටුප ඍජුව වැඩි කිරීමේ හැකියාවක් නොමැති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසා සිටී.
ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරමින් වතු කම්කරු වැටුප ඉහළ නැංවීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේ ඒ නිසා බවයි.
වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ හැකියාව ඇත්තේ වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති එළඹෙන සාමුහික ගිවිසුම අනුව බවත් රජය එහි මැදිහත් පාර්ශ්වය ලෙස කටයුතු කරන බවත් ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටී.
වතු හාම්පුතන් සමග ආණ්ඩුව සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ බවත් මේ වසර තුළ වතු කම්කරු වැටුප රු. 1700 දක්වා නැංවීමට ආණ්ඩුව දැඩි උත්සාහයක නිරත වන බව ද ඇමති සමන්ත විද්‍යාරත්න සඳහන් කර සිටී.