
ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රදේශයෙන් ඉන්දීය රුපියල් 2,000කට මුහුණු ආවරණ පැළඳ ලිංගික ක්‍රියාවන් සජීවීව විකාශය කළ යුවළක් අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව වාර්තා වේ.
මෙසේ චෝදනා එල්ල වී ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 37 හැවිරිදි බිරිඳටයි.
එරට පොලිසිය පවසා සිටියේ මුදල් ලබා ගැනීම සදහා ලිංගික ක්‍රියාවන් සජීවීව විකාශය කළ බවට මොවුන්ට චෝදනා එල්ල වී ඇති බවයි.
ඔවුන්ගේ නිවසේ තිබී අධි විභේදන කැමරා ඇතුළු උපකරණ කිහිපයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් සජීවී වීඩියෝවක් ඉන්දීය රුපියල් 2,000කට අලෙවි කර ඇති අතර, පටිගත කරන ලද ක්ලිප් එකක් ඉන්දීය රුපියල් 500කට අලෙවි කර ඇති බව ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.