
අනුරාධපුර, තිරප්පනේ ගල්කුලම ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිසිය සඳහන් කළේ මෙලෙස තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි මිහින්තලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි.
කවුරුන් විසින් මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.