
රියදුරු මහතාණනේ
නුඹ රඟන සිතුවම් පටයේ
වීරයා නුඹ ම යි
පෙම්වතුන් , දුෂ්ටයන්
මව්පියන් , කිරි සප්පයන්
පසු පසින් ඇත කරලියේ
උනුත් හා මහ මඟ ඇදෙනවුන්
රැක ගැනුම නුඹෙ යුතුකම යි
වෙහෙස දැනුණොත් ටිකක් නැවතී
දෑස රිදුණොත් ගිම් නිවා ගෙන
යනෙනු මැන හෙමිහිට ඉතින්
එකක් වූවත් සියක් වූවත්
ජීවිතය හරි වටිනවා
නුඹේ පැටවුන් කූඩු වෙන්නට
එනතුරා මඟ බලනවා
මහා සෑ රද අනුහසින්
සතර දළදා රැකවලෙන්
නුඹේ ගත සිත සවිය වේවා
ඉටු කරන්නට දේවකාරිය
ජ්‍යොතිෂවේදිනී ශ්‍රියා ගනේගොඩ
මදුරුපිටිය
අල්ගම