
ඉකුත් 16 වැනිදා ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් විසින් සිදු කළ බව කියන පහරදීමකින් රෝහල් ගත කරන ලද එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නාගරික මන්ත්‍රිනී සඳමාලි උළුවිටගේ අද දින මාධ්‍ය හමුවට පැමිණියාය.
එදින සිදුවූ ආන්දෝලනාත්මක සිද්ධිය පිළිබඳව ඇය මෙම මාධ්‍ය හමුවේදී සවිස්තරාත්මකව කරුණු පැහැදිළි කළ අතර, තමාට පහරදුන් පුද්ගලයින් පිළිබඳවද නම් ගම් වශයෙන් හෙළිදරව් කොට සිටියාය.
එසේම, මෙම පහරදීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයට එල්ල වූ චොදනාව ප්‍රතික්ෂේප කරමින් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් ඉකුත් දා සිදු කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කළ ඇය වැඩිදුරටත් කියා සිටියේ, අභිනව පුරපතිනිය විසින් තම සෞඛ්‍ය තත්වය විමසමින් දුරකථන ඇමතුමක් දීමටවත් තවමත් කාරුණික නොවූ බවයි.
මෙම මාධ්‍ය හමුවට එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරාල මහත්මියද සහභාගි වූවාය.
සඳමාලි මන්ත්‍රීවරියගේ කරුණු දැක්වීම ඇතුළත් සම්පූර්ණ ප්‍රකාශය පහතින්