තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි කළ මිද්දෙණියේ ඝාතනය

8

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

එලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25ත් – 30ක් අතර වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු බව සඳහන්වේ.

අද (25) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර,වෙඩිතැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.