
ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගෙන සිටීම හේතුවෙන් කැස්බෑව නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකුගේ පුතෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසා සිටී.
අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු සන්තකයේ තිබී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය හා ව්‍යාජ හැඳුනුම්පතද පොලිස් භාරයට ගෙන තිබේ.
ව්‍යාජ බලපත්‍රයක් සන්තකයේ පවතින බවට ලද තොරතුරක් මත ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් ඔහුව කැඳවා ප්‍රකාශයක් ලබා ගත් අවස්ථාවේදී, ඔහු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සාදාගෙන 2014 සිට 2019 වනදා දක්වා කොරියා රටට පිටත්ව ගිය බවට අනාවරණය වී තිබේ.
එම දිනවල විදේශගතවීම සඳහා වයස ප්‍රමාණවත් නොවීම හේතුවෙන් කැස්බෑව ප්‍රදේශයේ ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ හිටපු සම්බන්ධ කරන ලේකම්වරයෙකු තම සහෝදරියෙකුගේ උපන් වර්ෂයේ යොදා ජාතික හැඳුනුම්පතක් ව්‍යාජ ලෙස සකසා එකී උපන්දිනයට ගුවන් ගමන් බලපත්‍රයක් සාදා තමන් වෙත ලබා දුන් බවත් ඔහු අනාවරණය කළ බව පොලිසිය සඳහන් කර සිටි.