මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කෙරේ

14

තාවකාලිකව වසා දැමුණු මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

කටාර් ගුවන් කලාප ඇතුළු වසා දැමුණු අනෙකුත් සියලුම ගුවන් කලාප මෙලෙස විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටී.

ඉරානය විසින් කටාර්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරකට සහ ඉරාකයේ පිහිටි අමෙරිකානු කඳවුරකට ඊයේ (23) මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග ගුවන් කලාප කිහිපයක් මෙලෙස වසා දැමීමට පියවර ගත් අතර ඒ හේතුවෙන් ගුවන් ගමන් රැසක් අවලංගු වූ අතර ශ්‍රී ලංකාවේ සිට මැදපෙරදිග රටවල් දක්වා පියාසර කළ ගුවන් යානා 5ක් වෙනත් ගුවන්තොටුපොළ වෙත හරහා යැවීමට පියවර ගත් බව ද සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කළේය.

මේ වන විට රටේ ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බව කටාර් රජය ප්‍රකාශ කරන අතර ප්‍රහාරවලින් අනතුරුව යළිත් සිය ගුවන් අවකාශය විවෘත කළ බව කටාර්හි සිවිල් ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

කුවේට්, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද මේ වන විට සිය ගුවන් අවකාශ විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටී.