අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට ඇප

7

ජනපති සමාව අවභාවිත කරමින් වෙනත් සිරකරුවෙකු මුදා හැරි බවට චෝදනා එල්ල වූ අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කර තිබේ.

එමෙන්ම ඔහුට විදෙස් ගමන් තහනමක්ද පැනවීමට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

නඩුව එළැඹෙන අගෝස්තු 04 වැනි දින නැවත කැඳවීමටද නියමිතය.

අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගැනුනේ පසුගිය 08 වැනිදායි.

රුපියල් ලක්ෂ 40ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු නිදහස් කිරීමට අනුබලදීමේ චෝදනාවට අදාළවයි.