අලුතෙන් ගුරුවරු බඳවා ගන්නේ මෙහෙමයි

20

ඉදිරියේදී ගුරුවරු බඳවා ගැනීමේදී විෂයානුබද්ධව පමණක් එම බඳවාගැනීම් සිදුකරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා අද(20) පාර්ලිමේන්තුවේදී ජාතික පාසල්වල ගුරු හිඟය සම්බන්ධයෙන් යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කර සිටියේය.

උපාධිධාරින් සහ විද්‍යාපීඨ බඳවාගැනීම් වලදී විෂයානුබද්ධ ගුරුවරු බඳවා ගැනීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

ජාතික සහ පළාත් පාසල්වලද ගුරුවරුන්ගේ දත්ත පද්ධතිය නිසියාකාරව යාවත්කාළීන වී නැතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, ගුරුවරුයාා උගන්වන්නේ කුමන පාසලේද, විශ්‍රාම යන දිනය ආදී තොරතුරු නිසි පරිදි යාවත්කාළීන කර ඉදිරියේදී ගුරු හිඟය විසඳීමට කටයුතු කරන බවද පවසා සිටියේය.