ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

16

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වූ සුජිත් ප්‍රියන්ත මුතුමාල අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම සංස්ථාව යටතේ ක්‍රියාත්මක කර ඇති වේරන්ස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් කිසිදු මුදලක් වෙන් කර නොතිබියදී එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් රුපියල් ලක්ෂ 276ක මුදලක් වැය කිරීමෙන් රජයට පාඩුවක් සිදු කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධවයි.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.