ඔරුගොඩවත්තේ ගින්නක්

26

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ වායු සමිකරණ අලුත්වැඩියා කරනු ලබන ආයතනයක ගෑස් කාන්දුවීමක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක්ව ඇති බව වාර්තා වේ.

එහිදී හටගත් ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන රථ 03ක් යොදාගෙන තිබේ.ඇතිවූ ගින්නෙන් එම ආයතනය සම්පූර්ණයෙන්ම විනාශවී ඇති අතර, ජීවිත හානි හෝ, තුවාල කිසිවක් සිදුවී නොමැති බවද සඳහන් වේ.

එමෙන්මමේ වනවිට ගිණි නිවීමේ ඒකක මගින් ගින්න මැඩ පවත්වා ඇත.ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.