
ගවයකුගේ ගෙල බැඳි ලණුවක පැටලීමෙන් පසුව මීටර 800ක් පමණ දුර ඇදී ගොස් තුවාල ලැබූ 09 හැවිරිදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ අනුරාධපුර, විහාරපාළුගම ප්‍රදේශයේ පාසලක 4 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඉමාෂ් දෙවිඳු නැමැති සිසුවෙකි.
මෙම දරුවා පෙරේදා (13) දින සවස ඔහුගේ තවත් යහළුවන් කිහිප දෙනෙකු සමග අසල්වැසි නිවසක ඇති කරන ගවයකු සමග සෙල්ලම් කරමින් සිට තිබේ.එහිදී ගවයා නොසන්සුන් තත්ත්වයකට පත්ව මාර්ගයේ දිව ගොස් ඇති අතර එහිදී ගවයාගේ ගෙළ බැඳි ලණුව, මෙම දරුවාගේ ශරීරයේ පැටලී මීටර් 800ක් පමණ දුර එම දරුවා ඇදී ගොස් තිබෙන බවත්, එහිදී බරපතල තුවාල ලබා තිබෙන බවත් සඳහන්වේ.
අනතුරුව තුවාල ලැබූ දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබේ.
දරුවාගේ මොළයට දැඩි ලෙස හානි සිදුව ඇති බව වෛද්‍යවරුන් එහිදී ප්‍රකාශ කර තිබේ.
දැඩිසත්කාර ඒකකයේ සිටි දරුවා සැත්කමකට භාජනය කර තිබෙන අතර ඊයේ පස්වරු 3ට පමණ දරුවා ජීවිතක්ෂයට පත් වූ බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර සිටී.