
අස්වැසුම මුදල් වංචා කළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නිලධාරිනියක පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.
කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ යෙදී සිටි කළමනාකරණ සේවා නිලධාරියක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය විසින් අස්වැසුම මුදල් රුපියල් තිස් පන්ලක්ෂ අසූ දහසක මුදලක් වංචා කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කර සිටී.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් සිදු කිරීමට නියමිතය.