
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහිව සිදු කරන විමර්ශනවලට අදාළව අල්ලස් කොමිසම මගින් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ සේවිකාවක කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී හමුවට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියම කර තිබේ.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වී නොමැති බවත් ඒ අනුව සැකකාරිය රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකාරිය ලබන 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළාය.
කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් පහළොස්දෙනෙකු ඇතුළත් කර ඔවුන්ගේ වැටුප් හා දීමනා ලබාගෙන රුපියල් ලක්ෂ අසුවකට අධික මුදලක් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබේ.