උණ තියෙන සිසුන් පාසල් නොයවන ලෙස සෞඛ්‍ය අංශ වලින් ඉල්ලීමක්

16

චිකන්ගුන්යා සහ ඩෙංගු එකවර සෑදීමේ ප්‍රවණතාවයක්ද පවතින බව ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මහේෂක ජයවර්ධන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටියේය.

මෙය මාරාන්තික රෝගයක් නොවුණද කුඩා ළමයින් සහ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන් සදහා සංකූලතා ඇති වීමේ අවධානමක් පවතින බැවින් විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන්ට උණ ඇත්නම් ඔවුන් පාසල් නොයවන ලෙසයි.