
අද (12) දහවල් බලන්ගොඩ ප්‍රදේශයේ පාසලක ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩාවැටීම හේතුවෙන් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
මියගොස් ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවෙකු බව සඳහන් වන අතර එම අනතුරෙන් තවත් 16 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව බලන්ගොඩ පොලිසිය සඳහන් කර සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.