බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය මාලිමාව අල්ලයි

14

බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජනබල වේගය සමත්ව තිබේ.
ඒ අනුව ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රී රත්නායක මුදියන්සේලාගේ සාගර ධීර විශ්වවික්‍රම මහතා නගරාධිපතිවරයා ලෙස තේරි පත්ව තිබේ.

අද පැවැති ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 04ක් ලබා ගනිමින් ඔහු නගරාධිපතිවරයා ලෙස තේරී පත්වී තිබේ.බණ්ඩාරවෙල මහ නරග සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 06 හිමිවූ අතර ස්වාධීන කණ්ඩායම් අංක එක සඳහා මන්ත්‍රී ධූර 05ක් හිමිවිය.

සමගි ජන බලවේගය සඳහා එම මහ නගර සභාවේ මන්ත්‍රී ධුර 03ක් හිමිව තිබුණි.

මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායම 02කට එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිවිය.