
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අද (11) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
ඔහු මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින්නේ ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කළ පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාදීම සඳහායි.
මෙරටට ඖෂධ ගෙන්වීමට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඊට අදාළව පසුගිය රජයේ මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදෙනු ලැබීය.
කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමට අදාළව රනිල් වික්‍රමසිංහගෙන් මෙම ප්‍රකාශය ලබාගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටී.