
2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද (11) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසා සිටී.
එහි සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාවට අදාළව මහජන අදහස් වීමසීමෙන් අනතුරුව එහි සමාලෝචන කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතින බවයි.
2025 දෙවන භාගය සඳහා විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීමට CEB යෝජනා කර ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද පස්වරු 01ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.