
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඊයේ (07) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.
කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල ඉහළ දැමිමක් සිදු වුවද සිල්ලර මිල සංශෝධනය කර නොමැති බව සිමෙන්ති සමාගම් පවසා සිටී.
ඒ අනුව සිමෙන්ති සමාගම් ආරංචිමාර්ග සඳහන් කළේ කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක තොග මිල රුපියල් 100 කින් ඉහළ දමා ඇති බවයි.
සිමෙන්ති නිශ්පාදන වියදම ඉහළයාම සිමෙන්ති මිළ වැඩිකිරීමට හේතුවී ඇති බව වාර්තා වෙයි.