
රාජ්‍ය සේවකයින්ට තම පරණ පුරුදු අතහැර අලුත් වීමට කාලය එළැඹ ඇති බවත්, එලෙස වෙනස් නොවන්නේ නම් තම රජයෙන් වෙනස් කිරීමට සුදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටී.
දේශපාලන අධිකාරිය වෙනස්වී ඇති ආකාරයටම රාජ්‍ය නිලධාරින් ද වෙනස් විය යුතු බව කෑගල්ල නිදහස් මාවතේ පැවති ජගත් පරිසර දින ජාතික උත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.