
පෑනක් ආකාරයෙන් නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම සැකකරුව ඊයේ (03) පස්වරුවේ පානදුර හොරේතුඩුව පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැක කටයුතු ලෙස සිටි පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී ඔහුගේ සාක්කුවේ දමා සිටි විදේශ රටක නිෂ්පාදිත පෑනක් ආකාරයෙන් භාවිතා කළ හැකි ගිනි අවියක් සහ එම අවියට යොදන ජීව උන්ඩ තුනක්, අවිය බහාලන බහළුමක්ද සොයාගෙන තිබේ.
ගිනි අවිය විදේශ රටක නිෂ්පාදිත ක්‍රියාකාරී තත්ත්වයේ තිබෙන මනුෂ්‍ය ඝාතනයක් සඳහා ඉතා සූක්ෂම ලෙස යොදා ගත හැකි ගිනි අවියක් බව පොලිසිය ප්‍රකාශ කර සිටී. දිගින් අඟල් හතර හමාරක් පමණ වන මෙම අවිය පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා ඕනෑම අවස්ථාවකදී ගෙන යා හැකි ආකාරයෙන් නිෂ්පාදිත එකක් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටී.
සැකකරු හතළිස් තුන හැවිරිදි වියේ පසුවන මොරටුව – මෝල්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව අනාවරණය වී තිබේ.
ඔහුව අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.