ගොඩනැගිල්ලකින් ඇද වැටී අයෙක් මරුට

15

වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පෙදෙසේ මහල් 5කින් යුත් ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇතැයි වාර්තා වේ.

අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ පදිංචිව සිටි රාසයියා තවරාසා (59) නැමැති දෙදරු පියෙක් බව පොලිසිය පවසා සිටී.

මෙම පුද්ගලයා මීට වසර 3කට ඉහතදී වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පෙදෙසේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට මුරකරුවෙකු සහ සේවකයෙකු ලෙස පැමිණ ඇති අතර ඔහු අද (04) පෙරවරුවේ ඉහළ මහලේ කොරිඩෝව අසල ලී මිටක් ආධාරයෙන් සැකසූ උපකරණයකින් ජනේල පියන් පිරිසිදු කරමින් සිටියදී මෙම අනතුරට මුහුණදී ඇති බව වාර්තා වේ.

අනතුරට පත් පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය විසින් වැඩි දුර විමර්ශන සිදු කෙරේ.