බිරියගේ හිස අතේ අරන් පොලිසියට ගිය සැමියා

13

සැමියා විසින් සිය ගැබිනි බිරිඳගේ හිස කඳින් වෙන්කොට හිස කොටසද රැගෙන පොලිසියට පැමිණි පුවතක් වවුනියාවේ පුලියන්කුලම ප්‍රදේශයෙන් වාර්තා වේ.

අද (03) උදෑසන මෙම අපරාධය සිදුකර ඇති අතර සැකකාර සැමියා ඝාතනය සඳහා යොදාගත් පිහිය සහ හිස කොටස රැගෙන පුලියන්කුලම පොලිසියට පැමිණ භාරවී ඇත. වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති අතර බිරිඳගේ සිරුර ලදු කැලෑවක් අසල තිබීයදී සොයාගෙන ඇත.

නොච්චිකුලම ප්‍රදේශයේ ගුරුවරියක් වන 32 හැවිරිදි සුගීර්තරන් ස්වර්ණලතා නම් කාන්තාවක් සිද්ධියෙන් ඝාතනයට ලක්වී තිබේ.

සැමියා සහ බිරිඳ අතර දීර්ඝ කාලයක සිට පවතින පවුල් ආරවුලක් නිසා මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය පවසා සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.