
පානදුර, වලාන, ගැමුණු මාවත ප්‍රදේශයේ අද (02) උදෑසන 8ට පමණ වෙඩිතැබීමේ උත්සාහයක් ව්‍යාර්ථ වී ඇතැයි පොලිසිය පවසා සිටී.
පොලිසිය සඳහන් කළේ, එම වෙඩික්කරුවන් විසින් දෙවරක් වෙඩි තබා ඇති නමුත්, ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් එම උත්සාහය ව්‍යර්ථව ගොස් ඇති බවයි.
පානදුර ප්‍රදේශයේ ක්‍රියාත්මක මක්කුඩු ජාවාරමක දෙපිරිසක් අතර පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
9mm වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ප්‍රහාරකයින් යතුරුපැදියකින් පලාගොස් තිබේ.